fbpx

Tag: Sinhala

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Effects සහ Processors අතර වෙනස

ශබ්ද පරිපාලන කටයුතු සඳහා භාවිතා වන මෙවලම් වර්ග දෙකක් තමයි ඉෆෙක්ට්ස් ( effects – කෙටියෙන් කිව්වොත් FX) සහ ප්‍රොසෙසර් කියන්නෙ. මේ දෙවර්ගය බොහෝවිට භාවිතා වෙන්නෙ වෙනස් කාර්‍යයන් සඳහායි. ඒ වගේම මේ දෙවර්ගය සාම්ප්‍රදායිකව mixing console එකකට සම්බන්ධ කරන්නෙත් ආකාර දෙකකටයි. මේ කෙටි ලිපිය වෙන්වන්නෙ ඒ වෙනස්කම් වලට හේතු වන කාරණා සහ මේ උපකරණ වර්ග දෙක භාවිතා කෙරෙන එකිනෙකට වෙනස් අවස්ථා ගැන කතා කරන්නටයි.


December 10, 2018 0
How to choose an audio interface

Audio Interface එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල්

Audio interface එක කියන්නෙ ඕනෑම ශබ්දාගාරයක හෝ home studio එකක වැදගත්ම උපකරණ වලින් එකක්. ඒ නිසාම තමන්ට වඩාත්ම සුදුසු audio interface එක මොකක්ද කියලා තීරණය කිරේම ටිකක් පරෙස්සමින් කළයුතු දෙයක්. මේ ලිපිය හරහා ඔබට කියන්නට සූදානම් වෙන්නෙ ඒ තීරණය ගැනීම වඩාත් පහසු කරන කරුණු කිහිපයක්.


November 16, 2018 0

වඩාත් හොඳ Class A ඈම්ප් ද, Class D ඈම්ප් ද?

ඈම්ප් සම්බන්ධව කතා කරද්දී කෙනෙකුට ගැටළුවක් වෙන්න පුළුවන් තැනක් තමයි මේ. වඩාත් හොඳ Class A ඈම්ප් ද, Class D ඈම්ප් ද? නැතිනම් Class A/B හෝ වෙනත් එකක් ද? මේ ලිපිය වෙන්වන්නේ ඒ පැටලිලිසහගත බව මගහැරගනීම සඳහායි.


September 4, 2018 0

Dynamic Processing – දෙවන කොටස : කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය

ශබ්ද පරිපාලනයේදී වැඩිපුරම භාවිතා වන මෙවලම් වලින් එකක් වන කම්ප්‍රෙසර් එකක මුලික කාර්යය වන්නේ dynamic range එක, එනම් ශබ්ද තරංගයක වඩාත්ම මෘදු හා වඩාත්ම උස් හඬ සහිත ස්ථාන අතර ධ්වනි තීව්‍රතා වල පරතරය අඩු කිරීම. මේ ලිපිය වෙන් වන්නේ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය කතා කරන්නටයි.


May 29, 2018 0

ශබ්ද පරිපාලනයේ සීතල යුද්ධය – Loudness War

මේ කතාව දශක කිහිපයක් තිස්සේ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට කරදරයක් වුණු එක්තරා ආකාරයක සීතල යුද්ධයක් වැනි සංසිද්ධියක් ගැනයි. බොහෝ කලක් තිස්සේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයේ ඇතිවුණු විවිධ ප්‍රවණතා සහ මිත්‍යා මත නිසා පටිගත කරන ගීත වල ධ්වනි තීව්‍රතාව (Loudness) අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට ශබ්ද පරිපාලන ශිල්පීන් පෙළඹීම හරහා ගීතවල ගුණාත්මක භාවයේ ඇති වූ කඩාවැටීම Loudness War ලෙස හැඳින්වෙනවා.


April 23, 2018 0