DI Box වල රාජකාරිය සරලව

ශබ්දාගාර තුල වගේම සජීවී ශබ්ද පරිපාලනයේදීත් නිතර භාවිතා වෙන ගැජට් එකක් තමයි DI Box කියන්නේ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ DI Box එකකින් හරියටම කෙරෙන්නේ මොකක්ද කියන කාරණය ගැන.
Active DI Box
විවිධ සංගීත භාණ්ඩ සහ වෙනත් ශබ්ධ මූලාශ්‍ර වලින් එලියට එන්නේ විවිධ ආකාරයේ සහ විවිධ වෙනස්කම් සහිත සංඥා (signals). මේ විවිධ ආකාරයේ signals අපිට අපේ mixer එකේ හෝ audio interface එකේ තියන mic preamps හරහා යවන්න වෙනවා.
DI Box එකක ප්‍රධාන රාජකාරිය තමයි අර කිව්ව විවිධ ආකාරයේ signals ටික, mic preamp එකකට තමන්ගේ වැඩේ ඉතාමත් නිවැරදිව කරන්න පහසු වෙන ආකාරයේ පොදු ආකෘතියකට හදලා ගන්න එක. වෙනත් විධියකින් කිව්වොත් mic preamp එකක් වඩාත් කැමති විධියට signal එකක් හදලා ගන්න ඒක තමයි DI box එකකින් කෙරෙන්නේ.
Mic Preamp එකක් වඩාත් සාර්ථකව වැඩ කරන්නේ mic-level, low-impedence, balanced ආකාරයේ signal එකක් ලැබෙන විටයි. ඒ අනුව DI box එකකින් කෙරෙන්නේ විවිධ ආකාර වලින් එන signal, ඉහත කියපු ආකාරයේ mic-level, low-impedence, balanced signal එකක් බවට පරිවර්තනය කරන එක.
DI box එකකින් කෙරෙන ප්‍රධාන කාර්යයන් 3කි.
1. Audio signal එකක වෝල්ටීයතා පරාසය mic-level ආකාරයට සැකසීම.
Audio signal වල වෝල්ටීයතා පරාස කිහිපයක් තියනවා. ඉන් බහුලවම කතාබහට ලක්වෙන්නේ මෙන්න මේ පරාස තුන ගැන.
- Mic Level – මයික්‍රොෆෝන් වලින් නිකුත් වෙන මට්ටමේ වෝල්ටීයතා. මේ සංඥා ඉතා අඩු, මිලිවෝල්ට් ප්‍රමාණයේ සංඥා.
- Line Level – Audio mixer, FX Processor වගේ උපකරණ වලින්, එහෙමත් නැත්නම් electronic keyboards, synthesizers වලින් එලියට එන signal තියෙන්නේ මේ පරාසයේ. මේ පරාසය mic level පරාසයට වඩා වැඩියි.
- Speaker Level – ඇම්ප්ලිෆයර් එකක් මගින් ස්පීකර් වලට නිකුත් කෙරෙන්නේ මේ පරාසයේ signal. මේවායේ වෝල්ටීයතා ඉතා ඉහළ අගයකින් සමන්විතයි.
DI box එකකින් line level මට්ටමේ එන signal එකක් mic level එකට අඩු කිරීම සිදුකෙරෙනවා. (Speaker level මට්ටමේ signal ඉතා ඉහළ වෝල්ටීයතා වලින් එන නිසා DI box එකකට speaker level signal එකක් මගින් හානි සිදුවෙන්න පුළුවන්.)
2. Audio Signal එකක් low-impedance ආකාරයට සැකසීම.
Impedance, නැතිනම් Z අගය කියන්නේ පරිපථයක ප්රතිරෝධයට සම්බන්ධ මිනුමක්. අපි භාවිතා කරන සංගීත භාණ්ඩය අනුව මේ Z අගය වෙනස් වෙන්න පුළුවන්. මයික්‍රොෆෝන්, කීබෝඩ් වැනි උපකරණ වලින් එලියට එන්නේ low-impedance ආකාරයේ signal. ඉලෙක්ට්‍රික් ගිටාර්, බේස් ගිටාර් වැනි magnetic pickups සහිත සංගීත භාණ්ඩ වලින් එන්නේ high-impedance ආකාරයේ signal. DI Box එකකින් high-impedance signal එකක් low impedance ආකාරයට පරිවර්තනය කිරීමත් සිදුකෙරෙනවා.
3. Audio signal එකක් balanced ආකාරයට පරිවර්තනය කිරීම.
Analog audio signal වල තවත් ප්‍රභේද දෙකක් තමයි balanced සහ unbalanced කියන්නේ.
- Unbalanced Audio – රැහැන් 2ක් උපයෝගී කරගෙන ගමන් කරන signal මේ විදියට හැඳින්වෙනවා. සාමාන්යෙන් ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් සම්බන්ධ වෙන්නේ මේ unbalanced ආකාරයට.
-
- Balanced Audio – මේ ආකාරයේ signal වලදී රැහැන් 3ක් යොදාගැනෙනවා. ඉන් රැහැන් දෙකක් audio signal එකටත් ඉතිරි රැහැන ground සම්බන්ධතාවය ලෙසත් යොදාගැනෙනවා. Unbalanced audio වලට සාපේක්ෂව මේ ක්රමයේ ඇති වාසිය තමයි රැහැන් මගින් බාහිර පරිසරයේ ඇති අනවශ්‍ය ශබ්ද (noise) රැහැන හරහා ගමන් කරන signal එකට ඇතුල්වීම අවම වීම.
DI box එකකින් කෙරෙන තුන්වැනි කාර්යය තමයි ඊට ලැබෙන signal ඒක balanced signal එකක් බවට පත්කිරීම.
මෙන්න මේ ප්‍රධාන කාරනා3න් තමයි DI box එකක රාජකාරිය සමන්විත වෙලා තියෙන්නේ. DI Box එකක් පාවිච්චි කිරීමේ ප්‍රධානම වාසියක් තමයි විවිධ sound sources වලින් එන signal වල පවතින වෙනස්කම්, අසමතුලිතතාවන් නිසා signal එකට ඇතිවෙන්න පුළුවන් බාධා, පැහැදිලි බව අඩුවීම වලක්වාලීම. ඒ වගේම බාහිර විකෘති වීම් හෝ quality loss එකකින් තොරව කේබල් හරහා දිගු දුරකට audio signal එකක් යැවීමටත් DI box උපකාරී වෙනවා.
Active සහ Passive DI Box
Active සහ Passive ආකාර දෙක අතර තියෙන කැපී පෙනෙන වෙනස්කම තමයි Active DI වලට බැටරියක් හෝ phantom power හරහා පිටතින් විදුලිය ලබාදෙන්න අවශ්‍ය වීමත් passive DI වලට එවැනි අවශ්‍යතාවක් නොතිබීමත්. මීට හේතු වෙන්නේ passive DI වල ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි වීමත් active DI වල ඊට අමතරව තවත් පරිපථ කොටස් අඩංගු වීමත්.
මුලාශ්‍ර:
ProSoundWeb: Clarifying Designs & Applications Of DI Boxes
WhirlWind USA : High and Low Impedance Signals
Aviom Audio : Balanced Vs Unbalanced Audio